කෝපි ගැන ඔබ මේ දේවල් දැන සිටියාද❓
ඔබ කෝපිවලට කැමති හෝ අකමැති අයකු විය හැකි. සමහර අය තේ වලට වැඩි කැමැත්තක් දක්වයි කෙසේවෙතත්, ලෝකයේ දෙවනුවට වැඩිම වෙළඳාමක් වන්නේ කෝපි ය. පලමු ස්ථානය බොර තෙල් වලට හිමි වේ.
කෝපි ශාක වගා කළ හැක්කේ ශීත ඍතුවේ දී හිම නොවැටෙන රටවල් වල පමණි. එම නිසා වැඩි ප්‍රමාණයක් කෝපි වගා කරණුයේ සමකයට ආසන්න රටවල් වලය.
ප්‍රධාන වශයෙන් කෝපි ප්‍රභේද 2 ක් ඇත. එනම් Arabica and Robusta නම් වේ. බොහෝදුරට මෙම කෝපි වර්ග 2 ක පමනක් වගාකරනු ලබයි.
කෝපි හැම විටම බීම වර්ගයක් නොවේ. කෝපි මුලින්ම සොයාගත්තෙ අප්‍රිකාවේ වන අතර ඔවුන් තම කෝපි අස්වැන්න නෙලා කොපි ඇට වලට සත්ව මේදය එකතු කොට මිශ්‍ර කර ගුලි කොට අහාරය සදහා ගන්නා ලදී. මේවා ලෝකයේ ප්‍රථම ශක්ති ජනක ආහාරය විය හැකි බව ඉතිහාසඥයින් පවසති.
කෝපි වල මුල්ම අර්ථය "වයින්" යන්නයි.කෝපි මුල් නම qahwah, යේමන භාෂාවෙන් වයින් සඳහා පැමිණියේය යන අර්ථය වේ. තුර්කියේ එය kahveh යනුවෙන් හැඳින්වේ. ලන්දේසි "koffie" ලෙස එය හැඳින්වූ අතර පසුව ඉංග්‍රීසි භාෂාවෙන් "Coffee" නම් විය.
කෝපි අධිකව පානය කිරීම මගින් මරණයට පත් විය හැකිය.කෙසේ වෙතත්, කැෆේන් මාරාන්තික වීමට නම් ඔබට කෝපි කෝප්ප 100 කට අධික ප්‍රමාණයක් පානය කළ යුතුය.
"Decaf" යනු කැෆේන් අඩංගු නොමැති බව නොවේ. සැම අවුන්ස 8 ක Decaf කෝපි කෝප්පයකම අවම කැෆේන් මිලිග්‍රෑම් දෙකකින් යුක්තයි. මෙය සාමාන්‍ය කෝපි කෝප්පයක ඇති කැෆේන් ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු අගයක් වේ. සාමන්‍ය කෝපි කෝප්පයක මිලිග්‍රෑම් 95 සිට 200 දක්වා ඉහළ කැෆේන් ප්‍රමාණයක් අන්තර්ගත වේ.
කෝපි නිශ්පාදනය කිරීමෙන් පසු ඉතිරිවන කැෆේන් සමහර කෝපි නිෂ්පාදකයෝ කැෆේන් සෝඩා නිපදවන ඖෂධ සමාගම්වලට විකුණති.
කෝපි කෝප්පයක් සාදන විට සිනි වෙනුවට Cream එකතු කල හැකි නම් කෝපි කෝප්පය වැඩි කාළයක් උණුසුම්ව තබා ගැනීමට හැකි වේ. කෝපි වලට Cream එකතු කල විට උණුසුම් කෝපි කෝප්පයක් සිසිල් වීමට ගත වන කාළය 20% පමණ අඩු වේ.
වසර 250 කට ආසන්න කාලයක් අප සතුව ක්ෂණික කෝපි තිබුණා වුවද, මුල් කාළයේ කෝපි මහා පරිමාණයෙන් නිශ්පාදනය කිරීම සිදු නොවිය. ප්‍රථම වරට මහා පරිමාණයෙන් කෝපි නිශ්පාදනය ආරම්භ කරේ 1771 දී එක්සත් රාජධානිය විසිනි. විසිවන ශත වර්ෂයේ ආරම්භයේ දී එනම් 1910 දී මුල්ම මහා පරිමාණයෙන් ක්ෂණික කෝපි නිශ්පාදනය සදහා ඇමරිකාව පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී.
වර්තමාන කෝපි නිෂ්පාදනයේ ප්‍රමුඛයා බ්‍රසීලය වේ. බ්‍රසීලය ලෝක කෝපිවලින් 40% ක් නිෂ්පාදනය කරයි. දෙවන හා තෙවන ස්ථානය හිමි වන්නේ කොලොම්බියාව හා වියට්නාමය ය.
ලෝකයේ වැඩියෙන්ම කෝපි පානය කරන්නන් වන්නෙ ෆින්න්ස් (ෆින්ලන්ත ජාතිකයින්) ජාතිකයන් වන අතර ඇමරිකානු ජාතිකයන් නොවේ. සාමාන්‍යයෙන් ෆින්ලන්යෙ වෙසෙන වැඩිහිටි අයකු දිනකට කෝපි කෝප්ප 4 ක් 5 ක් පානය කරයි.
වාර්තාවන්ට අනුව ඇමරිකානුවන් දිනකට කෝපි කෝප්ප මිලියන 400 පරිභෝජනය කරයි.එක්සත් ජනපදය ප්‍රධාන පෙළේ කෝපි පාරිභෝගිකයෙකු වන අතර ඔවුන් සෑම අවුරුද්දකම කෝපි කෝප්ප බිලියන 146 ක් පමණ පරිභෝජනය කරයි.
ඇමෙරිකාවේ සාමාන්‍ය කම්කරුවෙක් කෝපි මත සතියකට ඩොලර් 20 ක් වැය කරනවා.එය වාර්ෂිකව ඩොලර් 1,100 ක් පමණ වේ.
කෝපි ඇට මගින් ඉන්ධන නිශ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. ඒ නිසා අනාගතයේදී කෝපි ඔබේ වාහනයේ ඉන්ධනය බවට පත්විය හැකි.
ඔබට ඔබේ බළලාට සැම දිනකම දියර කෝපි කෝප්පයක් ලබා දීමට හැකිනම් , එයින් බළලුන්ගෙ ආයු කාලය දීර්ඝ කළ හැකිය. ගිනස් වාර්තා පොතට අනුව Creme Puff කියන බළලා ලොව වැඩිම කාළයක් ජීවත් වූ බළලා ලෙස වාර්ථා අතරට එක් වී ඇත. මෙම බළලා අවුරුදු 38 ක් ජීවත්ව සිට ඇති අතර එම බළලාගෙ අයිතිකාරිය සෑම උදෑසනකම බළලාට කෝපි කෝප්පයක් පානය කිරීමට ලබාදී ඇති බව සඳහන්ය.
ලොව එකවර විශාල ප්‍රමාණයකින් කෝපි සැදු රට වන්නෙ දකුණු කොරියාව වේ. එය 2014 ජූලි මාසයේ දී සාදන ලද්දේ ය. මෙය කෝපි ගැලුම් 3,700 කට වඩා වැඩි ප්‍රමාණයකින් යුක්ත විය. 2010 වසරේදී ලාස් වේගාස් හි විශාල ප්රමානයකින් අයිස් කෝපි සාදන ලද අතර එය ගැලුම් 1,500 (අයිස් නොමැතිව) ක් පමණ විය
17 වන සියවසේදී, විශේෂයෙන් ලන්ඩන්හි පිරිමින් කෝපිහල්වල නිතර නිතර ගැවසීමට පටන් ගෙන ඇත, නිතර නිතර කෝපි පානය කිරීම නිසා තම ස්වාමිපුරුෂයන් මළ සිරුරු බවට පත් වන බව ඔවුන්ගේ භාර්යාවන් තරයේ විශ්වාස කල අතර එම නිසා මෙම කාන්තාවන් කිසිම මිනිසෙකු කෝපි පානය නොකළ යුතු බව යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. කෙසේවෙතත් මෙම යෝජිත තහනම ක්‍රියාත්මක වූයේ නැත.
සැබවින්ම, මෙම කෝපි පානය තහනම් කිරීමට වෙනත් උත්සාහයන් දරා ඇත. එනම් 1746 දී ස්වීඩනයේ කෝපි පානය තහනම් කර ඇත. කෝපි පානය තහනම් කිරීම පමණක් නොව, කෝපි නිපදවන උපකරණ සහ කෝපි කෝප්ප සහ පීරිසි ද තහනමට ඇතුළත් විය.
කෝපි වලට පැරැණි ඉතිහාසයක් ඇත. කෙසේවෙතත් අද වනවිට කෝපි කිසිම තහනමකින් තොරව පහසුවෙන් ඕනැම කෙනෙකුට ලබාගත හැකිය පානයක් බවට පත්ව තිබේ.
Comments
Post a Comment