කුඩයේ නිර්මාතෘ කවුද ?

කුඩයේ නිර්මාතෘ කවුද ?



ඔන්න ඔයාලාට අද මම කියන්න යන්නෙ අපි හැමෝම අවිවට වැස්සට භාවිතා කරන කුඩය ගැන (Rihannaගෙ Umbrella ☔ song එක අහනගමන් 👯 ) . කුඩය වැඩිපුරම භාවිතා කරන්නෙ අපේ කාන්තා පාර්ශවය කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැනෙ (Galleface එක පැත්තෙ ගියා නමි කුඩය කෙචිචර නමි ප්‍රයොජනවත්ද කියලා අපි හැමොටම බලගන්න පුළුවන් 🤣🤣) අනං මනං වල් පල් ඔනේ නැ අපි කෙලින්ම බහමු අපේ මාතෘකාවට. 😎😎


කුඩය ගැන කථා කරද්දි මෙික මුලින්ම හදලා තියෙන්නෙ මිට අවුරුදු 4000ට කලින් කියලා තමා සදහන් වෙන්නෙ ඉතිහාස
මුලාශ්‍ර වලට අනූව මුලින්ම කූඩය පිළිබඳ තොරතුරු අනාවරණය වෙන්නේ Egypt, Assyria, Greece. China කියන රටල් වලින් තමයි.

මූල් කාලයේ කුඩය එහෙමත් නැතිනම් සූර්යාවරණය නිර්මාණය කරලා තියෙන්නේ සූර්යාගෙ හැඩය පාදක කරගෙන. ඒක නිසා තාම මෙකට එ කාලේ parasols එහෙමත් නැත්නම් සූර්යාවරණය කියලා කිව්වේ. මුල්ම කාලේ මෙක නිර්මාණය කරලා තියෙන්නේ කඩදාසි වලින් එ් වගේම චින ජාතිකයන් තමයිලු මුලින්ම කූඩය waterproof කරලා තියෙන්නේ මේක වැස්සට ගෙනියන්න පුළුවන් විදිහට. චින ජාතිකයන් මෙක waterproof කරලා තියෙන්නේ ඉටි සහ දිය ලාකඩ භාවිතා කරලා කියලා තමයි සදහන් වෙන්නේ.

කොහොමද මේ Umbrella ☔ කියන වචනෙ හැදුණේ?

Umbrella කියන වචනෙ හැදිලා තියෙන්නේ ලතින් භාෂාවෙ 'Umbra' කියන වචනෙ මූලික කරගෙන. ලතින් භාෂාවෙන් 'Umbra' කියන්නෙ Shade (ආවරණය) එහෙමත් නැත්නම් shadow (සෙවණැල්ල)  කියන තේරුමට . 16 වැනි ශත වර්ෂය වෙනකොට ලෝකයේ අපරදිග රටවල මේ කුඩය ඉතාමත් ජනප්‍රිය උපාංගයක් වෙලා තියනවා. ඒ කාලේ මෙක ජනප්‍රිය වෙලා තියෙන්නෙ කාන්තාවන්ට පමණක් ගැලපෙන බාහිර අලංකරණ උපාංගයක් විදිහට හැබයි ඊට පස්සේ එංගලන්තයේ වාසය කරපු පර්සියානු ජාතික රචකයෙක් සහ සංචාරකයෙක් වන Jonas Hanway (1712 - 86) මහත්මයා අවුරුදු 30ක් පුරාවට කුඩය ප්‍රසිද්ධියේ ඔහුගේ ගමන් බිමන් සඳහා භාවිතා කරලා තියෙනවා. ඔහු තමයි කාන්තාවන්ට පමණක් සිමා වෙලා තිබ්බ කූඩය පිරිමි පාර්ශවය අතර ජනප්‍රිය කරලා තියන්නෙ. ඒක නිසාම එංගලන්ත සුදු මහත්වරු කූඩයට 'Hanway' කියලා ආමන්ත්‍රණය කරන්න අරන් තියනවා.


                            Jonas Hanway


James Smith and Sons

"James Smith and Sons" තමයි පලමු සම්පූර්ණයෙන්ම කුඩ පමනක්  අලෙවි කරපු සාප්පුව විදිහට සලකන්නෙ. මේ සාප්පුව ආරම්භ කරලා තියෙන්නෙ 1830 දි අද වෙනකොටත් මේ කුඩ සාප්පුව ව්‍යාපාර කටයූතු කරගෙන යනවා No - 53, New Oxford Street in London, England කියන ස්ථානයේ.

මුල්ම කාලයේ යුරෝපියන් කුඩ නිශ්පාදනය කරලා තියෙන්නෙ දැව සහ තල්මසුන්ගෙ ඇට කටු යොදාගෙන oil canvas සහ බැටලු කෙස් වලින් ආවරණය කරලා ඒ කාලේ කුඩ නිමැවුමිකරුවන් ඒවායේ මිටෙ අග කොටස කලු පැහැති දැව වර්ග (කළුවර ලී) යොදාගෙන වක්‍ර හැඩයට තමා නිර්මාණය කරලා තියෙන්නෙ. මෙලෙස කූඩයෙ අග කොටස වක්‍රාකාරව නිර්මාණය කරන්න හේතු වෙලා තියෙන්නෙ කූඩය ගෙනයාමට පහසු වීමට සහ එය එල්ලා තැබීමට පහසු වෙන්නයි. එහෙම තමා කුඩයේ අග මිට කොටස වක්‍ර ආකාරයේ හැඩය ලැබුණෙ.




ඉතින් මෙි විදියට කාලයක් යනකොට 1852 දි Samuel Fox මහත්මයා පලමු වරට වානේ කමිබි යොදාගෙන කුඩයක් නිර්මාණය කරනවා. ඒ කාලේ Fox මහත්මයාට English Steels Company කියලා වානේ කර්මාන්ත ශාලාවකුත් තිබිලා තියනවා. Fox මහත්මයාගේ කුඩය ඒතුමා නිර්මාණය කරලා තියෙන්නෙ කුඩයේ සැකිල්ල වානේ කමිබි වලිනුත් කුඩය ආවරණය කිරිම සදහා වක්‍රකාර කාන්තා යටසාය විශේෂයක් භාවිතා කරලා තියනවා. ර්ට පස්සෙ කුඩ නිෂ්පාදනයේ පෙරලිකාර නව තාක්ෂණික සොයා ගැනිම වුණෙ වානේ කමිබි සහිත හැකිලිය හැකි කුඩ තමයි.

ඔන්න ඉතින් 1928 වෙනකොට Austria කියන රටෙි vienna කියන නගරයේ ජිවත් වුන Hans Haupt මහත්මිය නිර්මාණය කරනවා සාක්කුවේ දාගෙන යන්න පුළුවන් ප්‍රමාණයේ කුඩයක්. මෙික තමයි ලොකේ ප්‍රථම pocket Umbrella එක වුනේ. එතුමිය මෙි pocket Umbrella එකේ මුලාකෘතිය නර්මාණය කරලා තියෙන්නෙ ශිෂ්‍යවක් විදියට මුර්ති කාලාව පිළිබඳව ඉගෙනුම ලබන කාලේලු. ඉන්පසුව එතුමිය 1929 දි මෙිකට patent බලපත්‍රයත් අරන් තියනවා. ඇය මෙි කුඩය හැදින්වුයේ "Flirt" කියලා.

ඉතින් මෙහෙම විකාශනය වුන කුඩය අද වෙනකොට නැතුවම බැරි උපාංගයක් වෙලා. අද වෙනකොට ලොකේ වැඩියෙන්ම කුඩ නිෂ්පාදනය කරන රට වෙන්නෙ චිනය. චිනයේ Shangyu කියන නගරයේ කුඩ පමණක් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා 1000ට අධික ප්‍රමාණයක් තියනවා කියලා තමා කියන්නෙ.



එහෙමනම් ඔයාලත් වහිනකොට කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා. 😊😊

Comments

Post a Comment

Popular posts from this blog

කෝපි ගැන ඔබ මේ දේවල් දැන සිටියාද❓

සපත්තුවේ ඉතිහාසය

පියයුරු එල්ලා වැටිම ඔබටත් ගැටලුවක්ද?