සපත්තුවේ ඉතිහාසය

සපත්තුවේ ඉතිහාසය



ඔන්න එහෙනමි අද කියන්න යන්නේ සපත්තුවේ ඉතිහාසය ගැන. අද කාලේ වෙන කොට ඉතින් සපත්තුව නැතුවම බැරි දෙයක් වෙලානේ තියෙන්නෙ. අපි බලමු කොහොමද මේ සපත්තුව ලෝකෙට ආවේ කියලා.

මුල්ම ජන සමාජයේ වැඩි දෙනෙක් භාවිතා කරපු පාවහන් වර්ග තමයි සෙරෙප්පු (Sandals), කොහොම උනත් අතීත මුලාශ්‍ර වලට අනූව මුල්ම ශිෂ්ටාචාරවල හිටිය මිනිස්සු පාවහන් භාවිතා කරලා තියනවා කියලා සාධක හම්බ වෙලා තියෙනවා. ඒ තමයි මෙසපොටේමියානු ශිෂ්ටාචාරයේ(C. 1600-1200 BC) ඉරාන දේශසීමාවේ ජීවත් වුණ කඳුකර මිනිස්සු සැහැල්ලු සපත්තු වර්ගයක් භාවිතා කරපු බවට සාක්ෂි හොයාගෙන තිබීම. මොවුන් මේ සැහැල්ලු පාවහන් හදල තියෙන්නෙ wraparound leather (මුව හමට සමාන ) යොදාගෙන කියලා තමයි කියන්නෙ. 1850 අග භාගය වෙනකම් විතර සපත්තු හදල තියෙන්නෙ එක සමාන විදිහට ඒ කියන්නෙ දකුණු සහ වම් පාද වෙනස් හැඩයක් නැතුව එක සමාන හැඩයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.




පාවහන් සාදන යන්ත්‍ර

J. Ernst Matzeliger තමයි ස්වයංක්‍රීයව සපත්තු හදන්න පුළුවන් ක්‍රමයක් මුලින්ම වැඩිදියුණු කරලා තියෙන්නෙ. මේ ක්‍රමය නිසා ඔහුට හැකි වෙලා තියෙනවා මහා පරිමාණයෙන් පාවහන් නිශ්පාදනය කරන්න.

ඇමරිකානු නව නිර්මාණකරුවෙක් වන Lyman Reed Blake තමයි මුලින්ම සපත්තු විතරක් මහන්න පුළුවන් මහන මැෂින් එකක් නිර්මාණය කාලෙ. 1858 දි ඔහුගේ විශේෂිත මහන මැෂිමට ඔහු patent බලපත්‍රය ලබාගෙන තියෙනවා.


සපත්තු බදින පටිය ( shoelace )

Shoelace එකේ අග තියන plastic tube එකට කියන්නෙ aglet කියලා. මෙහෙම shoelace එක දෙපැත්තේ aglet එකක් යොදන්න හේතුව වෙලා තියෙන්නෙ shoelace එකේ අග නූල් ඇදෙන එක නවත්තන්න සහ සපත්තුවේ eyelets අතරින් lace එක ගමන් කරවන්න පහසු වෙන්න. මේ aglet කියන වචනෙ හැදිලා තියෙන්නෙ ලතින් භාෂාවේ ඉදිකටුව (needle) කියන වචනෙ ආභාෂයෙන්. ඒ වගේම නූතන සපත්තු බදින පටිය (string and shoe holes) මුලින්ම නිර්මාණ කරලා තියෙන්නෙ එංගලන්තයේ ඒ 1790 මාර්තු 27 වෙනිදා. Shoelace එක නිර්මාණය කරන්න කලින් සපත්තු තද කරන්න යොදාගෙන තියන්නෙ ගාංචු(buckles) කියලා තමයි සදහන් වෙන්නෙ.



රබර් අඩිය සහිත පාවහන්


මුලින්ම රබර් සපත්තු අඩිය නිර්මාණය කරලා තියෙන්නෙ ඉරාන සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතික Humphrey O'Sullivan විසින්. ඔහුගේ රබර් සපත්තු අඩියට 1899 ජනවාරි 24 patent බලපත්‍රය හම්බ වෙලා තියෙනවා. ඉන්පසුව Elijah McCoy විසින් O'Sullivan ගෙ රබර් සපත්තු අඩිය තව දුරටත් වැඩි දියුණු කරලා තියෙනවා.
මුල්ම රබර් අඩිය සවිකරන ලද සපත්තුව හැඳින්වූයේ plimsolls (මෙහි තේරුම රබර් අඩිය යේදූ කැන්වස් සපත්තු යන්න ) කියන නමින්. මේ රබර් අඩිය සහිත සපත්තු මුලින්ම නිශ්පාදනය කරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒ 1800 අග භාගයේ.1882 දි සුළු පරිමාණයේ රබර් නිෂ්පාදන කරන සමාගම් 9ක් එකතු වෙලා "The U.S Rubber Company" එක ආරම්භ කරනවා. ඔවුන්ට අමතරව මහා පරිමාණයෙන් සපත්තු නිශ්පාදනය කරන සමාගමකට හිටියේ "The Goodyear Metallic Rubber Shoe Company" විතරයි. මේ සමාගම ආරම්භ කරලා තියෙන්නෙ 1840 දි. Goodyear සමාගම තමයි මුලින්ම රබර් vulcanization කිරීම හොයාගෙන තියෙන්නෙ. ඒ සමාගමේ නිර්මාතෘ Charles Goodyear විසින්. රබර් වල්කනයිස් කිරිමේ ක්‍රියාවලිය තුළින් රබර් වලට හොඳ ශක්තිමත් සහ ස්ථාවර බැදීමක් ඇති වෙන අතර එමගින් රබර් ගෙවි යාම අවම කරනවා. ඒම නිසා සපත්තු අඩි නිශ්පාදනය සදහා මෙම රබර් කදිම අමුද්‍රව්‍යක් බවට පත් වුණා.(පසු කාලීනව මෙම සමාගම Goodyear ටයර නිශ්පාදනය සදහාද මෙම රබර් vulcanization යොදාගන්නවා )


1892 සිට 1913 දක්වා U.S Rubber සමාගම සපත්තු නිශ්පාදනය කලා විවිධ සන්නාම 30 ක් යටතේ. ඒ කාලේ ඔවුන්ට වුවමනා වුණා මේ සන්නාම 30ම එක සන්නාමයක් යටතේ නිශ්පාදනය කරන්න. ඒ සදහා ඔවුන් මුලින්ම තෝරාගත්තේ Peds කියන නම (Peds කියන්නෙ ලතින් භාෂාවෙන් Foot කියන තේරුම) එත් ඒ වෙනකොට ඒ නම වෙනත් සමාගමක් යටතේ ලියාපදිංචි කර තිබු නිසා මොවුන්ට ඒ සන්නාමය භාවිතා කරන්න බැරි වෙනවා. ඉන්පසුව 1916 දි මොවුන් අලුත් සන්නාම දෙකක් සලකා බලනවා. ඒ නම් Veds සහ Keds, එයිනුත් අන්තිමේදී Keds කියන සන්නාමය තෝරා ගන්නවා.



Keds කියන සන්නාමය යටතේ තමයි මුල්ම Sneakers (කැන්වස් පාවහන්) සපත්තු යුවල ලෝකයට ඉදිරිපත් කරන්නෙ. ඒ 1917 දි. Sneakers කියන වචනෙ මේ සපත්තු යුවලට යොදාගෙන තියෙන්නෙ එවකට N.W. Ayer & Son වෙළද ප්‍රචාරණ ආයතනයේ වැඩ කරපු Henry Nelson Mckinney මහතා විසින්. මේ වචනෙ යොදාගන්න හේතුව වෙලා තියෙන්නෙ රබර් යොදාගෙන සපත්තු නිශ්පාදනය කරන නිසා ඒවා දාගෙන ගමන් කරන කොට සද්දය නොඇසෙන ලෙස ගමන් කිරීමට ඇති හැකියාව නිසා. ඉන්පසුව 1979 දි The Stride Rite Corporation සමාගම Keds කියන සන්නාමය අත්පත් කර ගන්න සමත් වෙනවා.



ඔන්න ඔහොම විකාශනය වුන පාවහන් අද වෙනකොට ලොකූ පොඩි කව්රුත් භාවිතා කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. අද වෙනකොට විවිධ මොස්තර වලින් සහ විවිධ ශ්‍රෙෂ්ඨ වලට ගැලපෙන විදියට පාවහන් නිෂ්පාදන වෙනවා.



Comments

Post a Comment

Popular posts from this blog

කෝපි ගැන ඔබ මේ දේවල් දැන සිටියාද❓

පියයුරු එල්ලා වැටිම ඔබටත් ගැටලුවක්ද?