ගැහැණු පිරිමි මල් පලතුරු...
ගැහැණු පිරිමි මල් පලතුරු...
ඔන්න අදත් ගෙනාවා අලුත් topic එකක් හැබැයි ඔයාලා හිතන් ඉන්න මාතෘකාව ගැන නම් නෙමෙයි කියන්න යන්නෙ. උඩ තියන මාතෘකාව දැක්කාම ඔයාලාට මතක් වෙන්න ඇත්තේ පොඩි කාලෙ අපි හැමොම කරපු game එක නේද? හැබැයි අද මං කියන්න යන්නෙ ඒ game එක ගැන නම් නෙමෙයි. අද කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ගැහැණු සහ පිරිමි අතර මොළයේ ක්‍රියාකාරීත්වයේ ඇති වෙනස් කම් පිළිබඳව.
විදා්‍යාඥයන් ගැහැණු සහ පිරිමි අයගෙ මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනස් කම් ගැන පරීක්ෂණය කිරිමේදී මූලික වශයෙන් ප්‍රධාන අංශ 4ක් පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ නම් processing, chemistry, structure and activity. මෙන්න මේ අංශ හතර ගැන පරීක්ෂණ කිරීමෙන් ගැහැණු සහ පිරිමි අතර මොළයේ වෙනස් කම් ගැන ගොඩක් කරුණූ අවධාරණය කරගන්න විදා්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. අපි බලමු මේ අංශ ඔස්සේ ගැහැණු සහ පිරිමින් අතර තිබෙන වෙනස් කම් පිළිබඳව.
අදහස් සහ හැගිම් ප්‍රකාශ කිරීම
කාන්තාවන් බොහොමයක් වෙලාට අදහස් ප්‍රකාශ කිරීමේ දි එය ව්‍යංගයෙන් ඉදිරිපත් කිරීමට උත්සහ කරන අතර පිරිමින් සැමවිටම තම අදහස් සෘජුව ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වනවා. ඒ වගේම කාන්තාවන් හැගිම් ප්‍රකාශ කිරිමේදී සැමවිටම දුරදිග බලා කටයුතු කරන සොබාවයක් ගන්නා අතර පිරිමින් සැමවිටම දුරදිග නොබලා එක එල්ලේ තමන්ගෙ හැගිම් ප්‍රකාශ කරන්න කැමැත්තක් දක්වනවා.
එකවර වැඩ කිහිපයක් කිරිමේ හැකියාව
ගැහැණු අයගේ මොලය හැඬගැසී ඇති ආකාරය අනුව ඔවුන්ට පිරිමින්ට වඩා පහසුවෙන් එකවර වැඩ කිහිපයක් කිරිමේ හැකියාව තියනවා කියලා තමා විදා්‍යාඥයන් නම් කියන්නෙ. එහෙත් පිරිමි අයගෙ මොලය සැකසී ඇත්තේ එක වර එක් වැඩක නිරත විමට පුළුවන් ආකාරයට පමණයි. පිරිමි අයට එම නිසා යම් වැඩක නිරත වෙන ගමන් තව දෙයකට අවධානය යොමු කිරීම ඉතා අපහසු කටයුත්තක් වනවා.(පිරිමි අය මැච් එක බලන ගමන් තම බිරිඳගෙ කතාවකට සවන් දෙනව නම් ඇත්තට ඔහු කරන්නෙ මැච් එක බලන එක මිස බිරිඳගේ කතාවට සවන් දීම නෙමෙයි 😂😂) මේ අනූව බලනකොට කාන්තාවන්ට උපතින්ම multi tasking හැකියාව ලැබිලා තියෙනවා. 🙄🙄
වැඩියෙන් බොරු කියන්නෙ ගැහැණු ද පිරිමි ද? 🤔🤔
මිනිසුන්ගේ අංග චලන සහ මුහුණේ ඇති වෙන හැගිම් හදුනා ගැනිමේ විශේෂිත හැකියාවක් කාන්තා මොළයට උරුම වෙලා තියෙනවා. ඒක නිසා කාන්තාවක් ඉදිරියේ බොරු කියද්දී නම් පොඩිඩක් පරිස්සම් වෙන්න වෙනවා. මොකද පිරිමියෙක් කාන්තාවක් ඉස්සරහ බොරුවක් කිව්වාම එක ඉක්මනින් අල්ල ගන්න කාන්තාවකට හැකියාව තියනවා. කාන්තාවක් ඉදිරියේ කථා කරණකොට ඔවුන් අවධානය යොමු කරන්නෙ කටින් පිටවන වචන වලට වඩා මුහුණේ ඇති වෙන හැගිම් සහ අංග චලන වලට එක නිසා හරි පහසුවෙන් කාන්තාවන්ට බොරු කියන අය අල්ල ගන්න පුළුවන්.. 😱😱 හැබැයි පිරිමින්ට මෙහෙම මුහුණේ ඉරියව් සහ අංග චලන හඳුනාගන්න පුළුවන් විදිහට මොලය සැකසීලා නැ එක නිසා පිරිමින් හරි පහසුවෙන් ගැහැණු කියන බොරු වලට අහු වෙනවා. 😭😭😭. මෙහෙම බලනකොට පිරිමින්ට වඩා කාන්තාවන්ට බොරු කීමේ හැකියාව වැඩි කියලා තමයි කියන්න තියෙන්නෙ.
ප්‍රශ්ණ වලට විසඳුම් සෙවීමේ හැකියාව
ප්‍රශ්න විසඳීම ගැන කථා කරණකොට පිරිමි මොළයට ප්‍රශ්ණ වර්ගීකරණය කිරිමේ හැකියාව තියනවා. එම නිසා පිරිමියෙක්ට ප්‍රශ්ණ රාශියක් ඇති විට ඔහූ එම ප්‍රශ්ණ මොළයේ වෙනස් වෙනස් ස්ථාන වල රඳවා ඒවා වෙන වෙනම ගෙන පිළිතුරු සෙවීමේ විශේෂ හැකියාවක් පවතින බවට පරීක්ෂණ මගින් අනාවරණය කරගෙන තියෙනවා. මෙම හේතුව නිසාම ප්‍රශ්ණ ඇති වූ විට පිරිමින් තනියම කල්පනා කරමින් එම ප්‍රශ්ණ වලට පිළිතුරු සෙවීම පෙළඹෙන බවයි කියන්නෙ. අනෙක් අතට කාන්තා මොළයට මෙහෙම ප්‍රශ්ණ වර්ගීකරණය කිරිමේ හැකියාවක් නැහැ කියලා තමයි විද්‍යාඥයින් නම් කියන්නෙ. කාන්තාවක්ට ප්‍රශ්ණ රාශියක් ඇති වූ විට අැය එම ප්‍රශ්ණ දකින්නට පෙලඹෙන්නේ එකිනෙකට සම්බන්ධ වූ විශාල ප්‍රශ්නයක් ලෙසට. එවිට අැයට අවශ්‍ය වන්නෙ කා එක්ක හෝ එම ප්‍රශ්ණ පිළිබඳව කථා කිරීමට පමණි. එමඟින් ඇගේ හිත සැහැල්ලු වෙන අතර ප්‍රශ්නය විසදුනාද නැද්ද යන වග අැයට වැදගත් නැත. ප්‍රශ්ණ විසඳීමේ හැකියාව ගැන බලද්දී නම් ගැහැනුන්ට වඩා පිරිමින්ට ප්‍රශ්න විසඳීමේ හැකියාව තියුණු බවයි පෙනී යන්නෙ.
භාෂා හැසිරවීමේ හැකියාව
පිරිමින්ට වඩා කාන්තාවන්ට ඉතා පහසුවෙන් අළුත් භාෂාවක් ඉගෙන ගන්න හැකියාව තියනවා කියලා තමයි සදහන් වෙන්නෙ. මෙම හේතුව නිසා තමයි කුඩා කාලයේදී ගැහැණු ළමයි පිරිමි ලමයින්ට වඩා ඉක්මණින් කථා කිරීම ආරම්භ කරන්නෙ.
රැකියාව සහ සම්බන්ධතා
පිරිමින් හැම වෙලේම තම රැකියාවට අවධානය යොමු කරන අතර ඔවුන්ට තම රැකියාව පිළිබඳව සෑහීමකට පත්විමට නොහැකි නම් සම්බන්ධතා පිළිබඳවද අවධානය යොමු කිරීමට අපහසු කටයුත්තක් වෙනවා. එහෙත් කාන්තාවන් සැමවිටම තම සම්බන්ධතා පිළිබඳව සෑහීමකට පත්වීමට උත්සහ කරන අතර ඔවුන්ගේ සම්බන්දතා පිළිබඳව සෑහීමකට පත්විමට නොහැකි නම් තම රැකියාව පිළිබඳව ද අවධානය යොමු කිරීම අපහසු කටයුත්තක් වෙනවා.
රිය පැදවීමේ හැකියාව
රිය පැදවීමේ දි නම් පිරිමින් කාන්තාවන්ට වඩා සැහෙන ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන් එකට හේතුව වෙලා තියෙන්නෙ පිරිමින් රිය පැදවීමේ දී ඔවුන්ගේ මොළයේ විශ්ලේෂණ කාර්යයන් සඳහා වෙන්වී ඇත ප්‍රදේශ බෙහෙවින් ක්‍රියාකාරී වෙනවා. එම නිසා පිරිමියකු රිය පදවන විට දුරින් එන වස්තුවක් ක්ෂණිකව කල් තියා හදුනාගෙන එහි වේගය සහ දිශාව ඉක්මනින් ගණනය කර ගැනීමට ඔහුගෙ මොළයට හැකියාව ඇත. එහෙත් ගැහැනු මොලයට පිරිමින්ට මෙන් ඉක්මනින් යම් වස්තුවක වේගය සහ දිශාව ගණනය කරගැනීමේ හැකියාවක් නැත. ඔවුන්ට ඒ සදහා පිරිමින්ට වඩා වැඩි කාලයක් අවශ්‍යය වෙනවා. ඒ බැවින් රිය පැදවීම ගත් කල කාන්තාවන් පිරිමින්ට වඩා සැහෙන පිටු පසින් සිටින බව පෙනී යයි. 😛😛😛

ඔන්න ඔහොම තමයි කාන්තා සහ පිරිමි මොළයේ ඇති වෙනස් කම් ගැන කෙටියෙන් දක්වන්න පුළුවන්. මේ මාතෘකාව මීට වඩා ගොඩක් පුලුල් සහ ගැඹුරු මාතෘකාවක් ඉහත විස්තර දක්වලා තියෙන්නෙ ගොඩක්ම කෙටියෙන් මේ ගැන මීට වඩා තොරතුරු අවශ්‍යය නම් Google දෙයියන්ගෙන් අහලා බලන්න. එහෙනම් ආයිත් අලුත් පොස්ට් එකකින් හම්බ වෙමු.
Comments
Post a Comment