මත්ස්‍ය චිකිත්සාව (Fish therapy)

මත්ස්‍ය චිකිත්සාව (Fish therapy)



ඔන්න අද කියන්න යන්නෙ මත්ස්‍ය චිකිත්සාව (Fish therapy) ගැන. ඔයාලා දැන් හිතනවා ඇති මොකද්ද මේ මත්ස්‍ය චිකිත්සාව කියන්නෙ කියලා මෙික ලංකාවේ නම් වැඩිය ජනප්‍රිය නැති දෙයක්. ඇත්තටම මේක රූපලාවණ්‍ය ශ්‍රේෂ්ත්‍රයට ඇතුල් දෙයක් විදිහට තමා සලකන්නෙ. මේ වන විට ඉතාමත්ම සීග්‍රයෙන් ජනප්‍රිය වෙන රූපලාවණ්‍ය සත්කාරයක් විදිහට මේ මත්ස්‍ය චිකිත්සාව (Fish therapy) හදුන්වන්න පුළුවන්. 


ඇත්තටම මොකද්ද මේ මත්ස්‍ය චිකිත්සාව (Fish therapy) කියන්නෙ? 

Fish therapy එහෙමත් නැත්නම් මේකට වැඩිපුරම භාවිතා වන වචන වෙන්නෙ Fish pedicure කියන එක (pedicure කියන ඒකෙ තේරුම දන්නෙ නැත්නම් Dictionary එකකින් බලන්න, දැන් අහන්න එපා dictionary එක කියන්නෙ මොකද්ද කියලා 😂 😂 ). ඇමරිකාව එංගලන්තය වගේ රට වල මෙික Fish pedicure  කියලා තාම හඳුන්වන්නෙ. ඇත්තටම මේකෙදි වෙන්නෙ මාළු ටැංකියකට කකුල් දෙක ඔබාගෙන ඉන්න එක තමයි 🙄🙄. මෙන්න මේ ටැංකිය ඇතුලේ ඉන්නවා කුඩා මාළු වර්ගයක් එ් මාළු වර්ගය හඳුන්වන්නෙ Garra rufa කියන නමින් එහෙමත් නැත්නම් Doctor fish කියලත් කියනවා. මේ මාළුවෝ ඉන්න ටැංකියට කකුල් දෙක ඔබාගෙන හිටියම කකුල් දෙකේ තියන මැරුණු සම මේ මාළුන් විසින් ආහාරයට ගන්නවා. එමඟින් කකුල් දෙකේ මැරුණු සම ඉවත් වෙලා අලුත් සම වර්ධනය වෙන්න උපකාරී වෙනවා.




මේ වගේ fish therapy එකක් කරගන්න නම් ඉතා ඉහළ මිලක් ගෙවන්න වෙනවා කියලා තමා කියන්නෙ. මේ වගේ pedicure එකක්‌ කරගන්න නම් $30 ත් $ 100 ත් අතර මුදලක් ගෙවන්න නම් වෙනවා (😱😱😱😱). ඒ වගේම මේ එක ටැංකියක Garra rufa කියන මාළු 200ක් පමණ ඉන්නවා කියලයි සදහන් වෙන්නෙ. මේ pedicure එක කරන්න විනාඩි 15ත් 30ත් අතර කලයක් යනවා. කොහොම උනත් එංගලන්තයේ සමහර රූපලාවන්‍යාගාර වලින් මාළුන් විසින් කකුල තුවාල වෙනකම් කාපු අවස්ථා එකක් දෙකක් වාර්ථා වෙනවා.




මේ Garra rufa කියන මත්ස්‍ය වර්ගයේ නිජබිම වෙන්නෙ මැද පෙරදිග කලාපයේ රටවල්. ඒම රට වල මේ මත්ස්‍ය වර්ගය මුලදී යොදා ගැනුණේ psoriasis කියන චර්ම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා පමණයි.


Fish therapy එහෙම නැත්නම් Fish pedicure ශරීරය හිතකරද අහිතකරද?

මේ සත්කාරය කොතරම් ජනප්‍රිය උනත් අද වෙනකොට ඇමරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයක් මේ රූපලාවණ්‍ය සත්කාරය තහනම් කරලා තියෙනවා. මේ තහනමට ප්‍රධාන වශයෙන් හේතු විදිහට දක්වලා තියන්නෙ Garra rufa කියන මත්ස්‍ය වර්ග නිසා ආසාදන තත්ත්වයන් ඇතිවීම, සත්ව හිංසනය සහ මෙම මත්ස්‍ය වර්ගයේ පැවැත්මට තර්ජනයක් වීම වගේ කාරණා තමයි. කොහොම උනත් තවමත් එංගලන්තයේ මේ Fish pedicure සත්කාරය නීත්‍යනුකූලයි කියලා තමයි කියන්නෙ.



ඔයාලත් එංගලන්තේ පැත්තේ යනවා නම් මේ Fish therapy කියන එක අත්හදා බලන්න (හැබැයි ඉතින් මාළු ටික කකුල් දෙක කෑවොත් එහෙම මම නම් නැ 😂 😂 😂 )

Comments

Post a Comment

Popular posts from this blog

කෝපි ගැන ඔබ මේ දේවල් දැන සිටියාද❓

සපත්තුවේ ඉතිහාසය

පියයුරු එල්ලා වැටිම ඔබටත් ගැටලුවක්ද?