Benefits of Green Tea

ඇත්ත වශයෙන්ම කුමක්ද මේ හරිත තේ (Green tea) කියන්නෙ ❓


හරිත තේ සාමාන්‍ය කලු තේ මෙන් එකම ශාකය සිට පැමිණේ. වෙනස වන්නේ කලු තේ කොළ මෙන් හරිත තේ කොළ මැලවී නැතහොත් ඔක්සිකරණය වී නොතිබීමයි. එය මුලින්ම චීනයෙන් පැමිණි නමුත් එය දැන් ආසියාවේ සහ ලෝකයේ සෙසු රටවල්ද ආක්‍රමණය කර ඇත.

මෙම තේ වර්ගය සදහා නම ලැබී ඇත්තේ මේ තේ කොළ මගින් තේ සෑදීමේදී තේකේ වර්ණය ලා කොළ පැහැයක් ගැනීම නිසාවෙනි. මෙම හරිත තේ පවතින කාලගුණය මත ඔබට උණුසුම් හෝ සීතල පානය ලෙස සකසා ගත හැකිය. මෙම තේ සැකසීමේදී ලෙමන් (අවම වශයෙන් ලෙමන් පෙත්තක්) එකතු කොට ලෙමන් රසැති තේ කෝප්පයක් සාදා ගත හැකි අතර ඔබට කැමති නම් සීනි එකතු කළ හැකිය, නමුත් ඔබට සිනි වෙනුවට මී පැණි එකතු කරගත හැකි නම් එය වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න රසකාරකයක් බව කිව යුතුයි. 

තේ පරීක්ෂකයින් පවසන ආකාරයට මෙම වර්ගයේ තේ මගින් සාදා ගන්නා තේ පෘථිවියේ ඇති සෞඛ්‍ය සම්පන්නම පාන වර්ග වලින් එකක් වන බවයි. එය අපේ ශරීරයේ පිළිකා ඇති කරන පිළිකා කාරක සෛල වලට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිඔක්සිකාරක වලින් සමන් විත වේ. මෙම හරිත තේ සමේ තරුණ බව රැක ගැනීම සඳහා ප්‍රතිජීවක ඖෂධයක් ලෙස භාවිතා කරන අතරම අැස් යට වල ගැසීම හා අැස් යට රැළි වැටීමි පාලනය කිරීමටද උපකාරී වේ. 



2013 දී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව මෙම තේ වර්ගය පානය කිරීමෙන් රුධිර ගලනය වැඩි දියුණු කරන අතරම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටමද අඩු කරයි. එමෙන්ම අධි රුධිර පීඩනය සහ හෘද ගැටලු ඇතුළු සෞඛ්‍ය ගැටළු ගණනාවක් වළක්වා ගැනීමටද මෙය උපකාරි වේ.

මෙම ආශ්චර්යමත් පානය මඟින් Alzheimer's නමැති රෝගය වැළැක්විය හැකි අතර දියවැඩියාවෙන් පෙළෙන අයට රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමටද එය උපකාර කරයි.


හරිත තේ එක වර්ගයක් පමණක් නොව වර්ග කිහිපයක් ඇත. මෙවා වැඩි හරියක් නැගෙනහිර ආසියාවේ කඳුකර ප්‍රදේශයන්හි උස් කඳු වල වගා කරනු ලැබේ.

ජපානයේ සෙන්චා නම් හරිත තේ වර්ගය හරිත තේ අතරින් ඉහළ අගයක් ගන්නා අතර එම තේ වර්ගය නිසැකවම ඉහළ තත්වයේ හරිත තේ වර්ගය වේ. කෙසේ වෙතත්, මෙම තේ වල ද වෙනස් වෙනස් ප්‍රමිතියෙන් යුත් තේ වර්ග ඇති අතර ඒවායේ මිල එකිනෙකට වෙනස් අගයක් ගනී.
ඔබට මෙම හරිත තේ කොළ වශයෙන් සහ තේ බෑග් ලෙස මිලදී ගත හැකිය. නැවුම් හරිත තේ මිලදී ගැනීමේදී , සම්පූර්ණ ලිහිල් කොළ සහිත හරිත තේ තෝරා ගත යුතුය. මෙම තේ වල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා හුලං නොවදින ලෙස බදුනක ගබඩා කර තැබිය හැකිය.

Tannin නමැති ප්‍රතිඔක්සිකාරකය හරිත තේ වලද දක්නට ලැබේ. එබැවින් මෙම හරිත තේ පානය කිරීම මගින් ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට අහිතකර බලපෑම් ඇති කරයි නම් මෙම තේ වර්ග භාවිතා කිරීමෙන් වැළකීය යුතුය. එමෙන්ම ටැනින් ශරීරයේ යකඩ මට්ටම කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය. එමනිසා ඔබ යකඩ අධික ආහාර අනුභව කළ පසු ක්ෂණිකව හරිත තේ පානය කිරීමෙන් වළකින්න.



බොහෝ දෙනා හරිත තේ වල කැෆේන් අන්තර්ගත වී නොමැති බව සිතන අතර නමුත් එය එසේ නොවේ. ඒ නිසා ඔබට කැෆේන් සමඟ ගැටලු ඇත් නම් හරිත තේ පානය කිරීමෙන් වළකින්න.

සාමාන්‍ය කළු තේ සෑදීමේදී මෙන්, හරිත තේ සෑදීමේදී තේ කොළ මතට උතුරන ජලය එකතු නොකර යුතු අතර උණු වතුර මඳක් සිසිල් වෙන්නට හැර තේක පිලියෙල කර ගත යුතුය.

ඇත්ත වශයෙන්ම ඔබ මෙම හරිත තේ උත්සාහ කළ යුතුම පානයක් වන අතර සිනි වෙනුවට මී පැණි එකතු කිරීම මගින් ඔබට වඩාත් රසවත් හරිත තේ එකක් සාදා ගත හැක.




Comments

Popular posts from this blog

කෝපි ගැන ඔබ මේ දේවල් දැන සිටියාද❓

සපත්තුවේ ඉතිහාසය

පියයුරු එල්ලා වැටිම ඔබටත් ගැටලුවක්ද?