කාන්තාවන් කැමති මෙන්න මෙහෙම අයට

කාන්තාවන් පිරිමින්ගෙන් බලාපොරොත්තු වන්නෙ කුමක්ද



ඔබ දැනට විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් හෝ ඔබට පෙම්වතියක් ඉන්නවා නම් ඔබ පුදුම වෙනවා ඇති කාන්තාවන් පිරිමින්ගෙන් සැබවින්ම බලාපොරොත්තු වන්නේ කුමක්ද යන වග❓ 🤔🤔 🙄 වාසනාවට මේ ගැන ඇමෙරිකානු ජාතිකයින් පිරිසක් පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. අපි අද කියන්න යන්නෙ ඒ පරීක්‍ෂණයට අනුව කාන්තාවන් පිරිමින්ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියන එක.

කාන්තාවන්ට සැබැවින්ම අවශ්‍ය කුමක් ද?❓


සහකාරියක් සොයාගැනීමදි පිරිමින්ට නම් එය තරමක් සරල කටයුත්තක් උනාට කාන්තාවන් නම් ඒ ගැන ටිකක් සංකීර්ණව හිතනවා. මොකද කියනවා නම් කාන්තාවන් නිකන් ආවට ගියාට සහකරුවෙක් හොයාගන්නේ නැ කියලා තමයි කියන්නේ. මෙන්න මේ හේතුව නිසා පිරිමි පාර්ශවයේ වැඩි දෙනෙක්ට හිතා ගන්න අමාරුයි ඇත්තටම කාන්තාවන් පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා. අපි බලමු ඇත්තටම කාන්තාවන්ට පිරිමින්ගෙන් එහෙමත් නැත්නම් තම සහකරුගෙන් අවශ්‍ය මොනාද කියලා.

අවංකභාවය

බොහෝ කාන්තාවන් අවංක පුද්ගලයකු සොයමින් සිටිති. අවංකකමෙන් තොරව විශ්වාසය ගොඩනගා ගැනීමට ක්‍රමයක් නැත. පිරිමින් පරිපූර්ණ කාන්තාවක් සමග හොඳ සබදතාවයක් පවත්වාගන්න උවමනා නම් හැම වෙලේම සෘජු හා අවංක විය යුතුයි. කිසිම කාන්තාවක් කැමති නැහැ වංචාකාර පිරිමින්ව ආශ්‍රය කරන්න. ඒක නිසා හැම වෙලේම තමන්ගේ සහකාරිය ඉස්සරහ අවංක වෙන්න. අවංකභාවය තමයි කාන්තාවක් පිරිමියෙක් ගෙන් බලාපොරොත්තු වන පලවෙනි සාධකය.

අවධානය

මෙයින් කියන්නෙ ගැහැණියක් සැම දිනකම සැම විනාඩියකම ඔබේ අවධානය අපේක්ෂා කරනවා කියලා නම් නෙමයි ඒ උනත් කාන්තාවන් කැමැති තමන්ගේ සහකරුවා තමන්ට අන් අයට නොදක්වන විදිහෙ විශේෂ සැලකිල්ලක් දක්වනවාට. එ් වගේම තමන්ගේ සහකරුවා තමන් වෙනුවෙන් කරන පොඩි පොඩි විශේෂිත සැලකිලි වලට කාන්තාවන් ගොඩක්ම කැමතියි කියලා තමයි කියන්නෙ. (උදාහරණයක් වශයෙන් ඔබට පුළුවන් තමන්ගේ සහකාරියගෙ සිනහව ගැන, කොන්ඩය ගැන වර්ණනා කරන්න එහෙමත් නැත්නම් අැය උයන කෑම වර්ග ගැන වර්ණනා කරන්න.)

ප්‍රේමය


මේ කියන්නෙ තමන්ගෙ සහකාරියට චොකලට් හරි රෝස මල් හරි දෙන එකට නම් නෙමෙයි. මේ කියන්නෙ ගැහැණියක් හා පිරිමියෙක්ගෙ සම්බන්දය කල් ගත වෙනකොට ප්‍රේමය කියන එක නැති වෙලා යනවා එහෙමත් නැත්නම් අඩු වෙලා යනවා (ඔව් ඔව් මේ කියන්නෙ පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා තමයි 🤣) ඒ උනත් කාන්තාවන් නම් කැමතියි සම්බන්දය පටන් ගත්ත කාලේ වගේම දිගටම ප්‍රේමණිය විදිහට ඉන්නලු. මේ පරීක්ෂණයට අනුව විවාහ උන කාන්තාවන් වෙනත් සබදතා පවත්වන්න පෙලඹෙන්නේ තම සහකරු මුල් කාලයේ වගේ ප්‍රේමණිය නොවීම නිසාලු. ( බැන්දාට පස්සෙත් Romance වෙයල්ලා නැත්නම් බඩුම තමා 😂😂)

බුද්ධිමත් බව

කාන්තාවන් කැමති නැහැලු මං හෙන පොර කියලා හිතන් ඉන්න පිරිමින්ට. තමන් හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න පිරිමින් කාන්තාවන් අතර එච්චර ආකර්ෂණයක් දිනා නොගැනීම හේතුවත් මේක තමයි. කාන්තාවන් කැමති බුද්ධිමත් පිරිමියෙක් තමන්ගේ සහකරු කරගන්න හැබැයි මං හෙන වැඩකරු කියලා හිතන් ඉන්න පිරිමින්ට නම් කාන්තාවන් කැමති නැහැ. හැම වෙලේම කාන්තාවන් කැමති බුද්ධිමත් එහෙත් තමන්ගේ  බුද්ධිය ගැන පම්පෝරි ගහන්නේ නැති පිරිමින්ට කියලා තමයි කියන්නේ. (ගැණු ඉස්සරහ පොර වෙන්න යන උන් ගැන දුක හිතෙනවා 😂😂). බුද්ධිමත් බව කියන්නෙ කාන්තාවන් කැමති දෙයක් ඒ වගේම තමන් දන්නෙ නැති දෙයක් තමන්ගේ සහකරුගෙන් අහලා ඉගෙනගන්නත් කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වනවලු.

රාගය 🙄🙄


පිරිමින් විතරක් නෙමෙයි කාන්තාවන්ද ලිංගිකත්වය කියන දෙයට කැමැත්තක් දක්වනවා. කාන්තාවන් පවසන ආකාරයට ඔවුන්ට අවශ්‍ය නිදන කාමරය තුළ ලිංගික සබඳතා පැවැත්විම පමනක් නොව නිදන කාමරයෙන් පිටතද තම සහකරුවා සමග රාගික සිටීමටයි. (උබලා හිතන එක ගැන නෙමෙයි බං මේ කියන්නෙ 😝😝) ඒ කියන්නෙ කාන්තාවන් කැමතිලු තමන්ගේ සහකරුවා තමන්ව නිතර සිපගන්නවට (නළල kiss කරන එක ගැන කිව්වේ 😂😂) එහෙමත් නැත්නම් tv බලන වෙලාවට තුරුළු කරන් ඉන්නවට. මේ වගේ දේවල් වලින් කාන්තාවන් වැඩි තෘප්තිමත් බවක් ලබනවාලු.

විනෝදකාමී බව 

මේ කියන්නෙ කාන්තාවන් වැඩිපුරම කැමතියිලු සැහැල්ලු විනෝදකාමී පිරිමින්ට. කාන්තාවන් කැමති නැහැ නිතරම serious වෙන්න හදන පිරිමින්ට. කාන්තාවන් සැම විටම විනෝදකාමී පිරිමියෙක් සමග සම්බන්ධතා පවත්වන්න ඇල්මක් දක්වනවා. ඒක නිසා කාන්තාවන් ඉදිරියේ වැඩිය serious වෙන්න යන්න නම් එපා. එහෙමයි කියලා මේ කියන්නෙ පිරිමි ජොකර්ලා වෙන්න ඕනේ කියලා එහෙම නෙමෙයි හොදේ.

නිදහස


කාන්තාවන් නිදහස කියන දේට ගොඩක්ම කැමති කව්රුවත් කැමති නැනේ තමන්ගේ නිදහස සිමා කරගෙන ජීවත් වෙන්න. ඒ වගේ තමයි කාන්තාවනුත් නිදහසේ ජීවත් වෙන්න හරි කැමති. ඒක නිසා තමන්ගේ සහකාරියට නීති දාලා ඇයගේ නිදහස සිමා කරන්න එපා. නීති දාලා තමන්ගේ නිදහස සිමා කරන පිරිමින්ට කාන්තාවන් නම් කැමති නැහැ කියලා තමයි කියන්නේ.

සන්නිවේදන


කාන්තාවන් කථා කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. කාන්තාවන් දවසකට වචන 20,000 ක් පමණ කතා කරන අතර ඒ පිරිමින් කතා කරන වචන ප්‍රමාණයට වඩා වචන 13,000 ක් වැඩියෙන් කතා කරයි. (අපොයි ගැණු කියවනවා වැඩි නේ 🤐🤐) ඒක නිසා කාන්තාවන් කැමති තමන්ගේ සහකරුවා එක්ක හැම විටම කතා කරන්න. ඒ වගේම කාන්තාවන්ට දුක හිතුන වෙලාවට තමන්ගේ සහකරු එක්ක කතා කරාම හිතට සැහැල්ලු බවක් දැනෙන බව තමයි සදහන් වෙන්නෙ. ඒක නිසා හොඳ සබදතාවයක් පවත්වා ගන්න නම් කාන්තාවන් එක්ක හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීම වැදගත්.

ආකර්ෂණීය බව 


පිරිමින් ලස්සන කාන්තාවන්ට කැමති වගේම කාන්තාවනුත් ලස්සන පිරිමින්ට කැමති. හැබැයි මෙකෙන් කියන්නෙ නැහැ හැම පිරිමියාම Brad pitt වගේ වෙන්න ඕන කියලා. එහෙත් තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන පිරිමින්ට කාන්තාවන් වැඩි ඇල්මක් දක්වනවා. ඒක නිසා පිරිමි උනත් ලස්සනට අඳින්න පළදින්න ඕනේ කාන්තා ආකර්ෂණය දිනා ගන්න නම්.

ඉතින් මෙන්න මෙවා තමයි කාන්තාවන් පිරිමින්ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන දේවල් විදිහට ඇමෙරිකානු පරික්ෂකයින් දක්වලා තියෙන්නේ. මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කළොත් තමන්ගේ සහකාරිය සමග සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගා ගන්න ඔබටත් පුළුවන්.



උපුටාගැනීම අන්තර්ජාලයෙන්.


Comments

Post a Comment

Popular posts from this blog

කෝපි ගැන ඔබ මේ දේවල් දැන සිටියාද❓

සපත්තුවේ ඉතිහාසය

පියයුරු එල්ලා වැටිම ඔබටත් ගැටලුවක්ද?