චොකලට් කෑවාට මෙන්න මේ දේවල් දැනන් හිටියේ නැහැ නේද❓
ඔන්න අපි අද කියන්න යන්නෙ හැමෝම
කන්න කැමති කෑමක් ගැන. ඒ තමයි චොකලට්, චොකලටි පිළිබඳ අමුතු හා විශ්මයජනක කාරණා රාශියක් තියෙනවා. මම අද කියන්නෙ චොකලට් හා බැදුනු විශ්මිත කරුණු කිහිපයක් ගැන.
පලමුවෙන්ම මායාවරුන් කොකෝවා ඇට මුදල් හැටියට භාවිතා කරලා තියෙනවා. ඔවුන් ඒ කාලේ කොකෝවා ඇට රත්තරං කුඩු වලට වඩා වටිනවා කියලා විශ්වාස කරලා තියෙනවා. ඒක නිසාම මායාවරුන් සම්පූර්ණ කොකෝවා වගාව පාළනය කරලා තියනවා එතකොට කොකෝවා ඇට වල අගය පහළ යන්නෙ නැති නිසා.
සුදු චොකලටි වලට ඇත්තටම චොකලටි කියලා කියන්න බැහැලු මොකද චොකලට් එකක් වෙන්න නම් ඝනරූපි කොකෝවා තියෙන්න ඕනේ හැබයි සුදු චොකලටි හදනකොට භාවිතා කරන්නෙ කොකෝවා බටර් කියලා තමයි කියන්නෙ. ඒක නිසා ඇත්තටම සුදු චොක්ලට් කියන්නෙ චොකලට් ජාතියක් නෙමෙයි.
යුරෝපීය ජාතිකයින් තමයි චොකලට් වලට වැඩිපුරම කැමති එක නිසාම ලෝකේ නිශ්පාදනය කරන චොකලටි වලින් භාගයක් පමණ නිශ්පාදනය කරන්නෙ යුරෝපයේ කියලා තමයි සදහන් වෙන්නෙ.
ලොකේ ලොකුම චොකලටි බාර් එක හදලා තියෙන්නෙ එක්‌සත් රාජධානියේ. මේ චොකලටි බාර් එක කිලෝග්‍රෑමි 5,792.50 ක් බරයි කියලා සදහන් වෙනවා. මේ චොකලට් බාර් එක තමයි දැනට ලෝකේ ලොකුම චොකලට් බාර් එක හැටියට ගිනස් පොතට ඇතුළත් වෙලා තියෙන්නෙ.
චොකලටි වල theobromine කියන අති ප්‍රබල උත්තේජකයක් අඩංගු වෙනවා. ඒක නිසා ඕනවට වඩා චොකලටි කෑවොත් එහෙම මේ උත්තේජකය විස වෙලා මරණයට පත් වෙන්න උනත් පුළුවන් හැබැයි එහෙම විස වෙන්න නම් ඒක පාර රාත්තල් 22 ක් පමණ චොකලටි කන්න ඕනේ කියලා තමයි කියන්නෙ. ඒක පාර රාත්තල් 22 ක චොකලටි කන්න කාටවත් බැරි නිසා මේ ගැන නම් බය වෙන්න ඕනෙ නෑ. මේ කියන theobromine කියන උත්තේජකය විස උනාම හෘදයාබාධ, විජලනය හා උග්‍ර වකුගඩු ආබාධ ඇති වෙනවා කියලා සදහන් වෙනවා.
චොකලටි චිප් කූකිස් කියන්නෙ ලෝකය පුරාම ප්‍රසිද්ධ තවත් චොකලට් යොදා සාදන කෑමක්. මේ චොකලටි චිප් කූකිස් ලෝකෙට ආවේ අත්වැරදීමකින් කියලා තමයි කියන්නෙ. ඒ 1930 දි. Ruth Wakefield තමයි චොකලටි චිප් කූකිස් මුලින්ම හොයාගෙන තියෙන්නෙ. අැය පසු කාලීනව මේ චොකලටි චිප් කූකිස් recipe එක Nestles සමාගමට විකුණලා තියනවා. අැය මුදල් වෙනුවට Nestles සමාගමෙන් ඉල්ලලා තියෙන්නෙ ජීවිත කාලෙටම හරියන්න චොකලටි ලබා දෙන්න කියලා.
ලෝකේ කොකෝවා අස්වැන්නෙන් වැඩි හරියක් වගා කරන්නෙ බටහිර අප්‍රිකාවේ. ඒ ලෝක කොකෝවා අස්වැන්නෙන් සියයට 40 ක්.
පුරාණ මිනිසුන් කොකෝවා වගා කාලේ චොකලට් හදන්න නෙමෙයි. ඔවුන් කොකෝවා වගා කාලේ කොකෝවා වලින් බිම වර්ගයක් හදාගන්න.
චොකලටි රාත්තලක කොකෝවා ඇට 400 ක් පමණ අඩංගු වන අතර කොකෝවා ගසක් කොකෝවා ඇට 2500 ක් පමණ නිපදවයි. මෙම කොකෝවා ගස් ඉතා සිලිටු වන අතර එම නිසා කොකෝවා ගොවීන්ට සැම අවුරුද්දකම කොකෝවා අස්වැන්නෙන් සියයට 30 ක් පමණ අහිමි වේ.
ඉතින් මෙන්න මෙවා තමයි චොකලටි එක්ක බැදුණු විස්මිත රස කතා.
උපුටාගැනීම අන්තර්ජාලයෙන්.
Comments
Post a Comment