Richard Branson and Virgin Group
බ්‍රිතාන්‍ය ව්‍යවසායකයකු වන රිචඩ් බ්රැන්සන් වර්ජින් සමූහ ව්‍යාපාරයේ ආරම්භකයා වේ. එංගලන්තයේ සරේහි 1950 ජුලි 18 වන දින උපත ලැබූ රිචඩ් බ්රැන්සන් අවුරුදු 16 දී පාසල් යැම නවතා දමා ඇති අතර එම තිරණය අවසානයේදී Virgin Records නිර්මානය කිරීමට හේතු විය. ඔහුගේ ව්‍යවසායකත්ව ව්‍යාපෘති සංගීත ක්‌ෂේත්‍රයේන් ආරම්භ වූ අතර අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය වන වර්ජින් ගැලක්ටික් ඇතුළු අනෙකුත් අංශ වලට ද ව්‍යාප්ත විය. මෙම ව්‍යාපාර තුළින් අද වන විට ඔහු බිලියනපතියකු වි හමාරය. බ්රැන්සන් යනු ක්‍රීඩාවට ද දක්ෂතාවයක් ඇති අයකු වන අතරම ඔහු ත්‍රාසජනක ක්‍රීඩාවන් සඳහා ද වැඩි ඇල්මක් දක්වයි මේ අතර වායු බැලූනයක් යොදාගෙන අත්ලාන්තික් සාගර හරහා ගමන් කිරීම ඔහුගේ ත්‍රාසජනක ක්‍රීඩාවන්ට ඇති කැමැත්ත මනාව පිළිබිඹු කරයි.
තරුණ ව්‍යවසායකයා
රිචඩ් චාල්ස් නිකලස් බ්රැන්සන් එංගලන්තයේ සරේහි 1950 ජූලි 18 වන දින උපත ලැබීය. ඔහුගේ පියා, එඩ්වඩ් ජේම්ස් බ්රැන්සන්, නීතිඥයෙකු ලෙස සේවය කලේය. ඔහුගේ මව වන ඊව් බ්රැන්සන් ගුවන් සේවයේ නියුතුව සිටියහ. ඩිස්ලෙක්සියා රෝගයෙන් පීඩා විඳිමින් සිටි රිචඩ්, අධ්යාපන කටයුතු කරීම තරමක් අසීරු විය. ඔහු වයස අවුරුදු 13 වන තෙක්ම පිරිමි ළමයින් පමනක් ඉගෙනුම ලබන Scaitcliffe පාසලෙන් ඔහු අසමත් විය. ඉන්පසු ඔහු එංගලන්තයේ බකිංහැම්ෂයර් හි ස්ටෝව් හි නේවාසික පාසැලක් වූ ස්ටෝව් පාසැලට මාරු විය.
දිගටම අධ්‍යාපන කටයුතු කිරීමට ඇති වූ අසීරුතාව හේතුවෙන් බ්රැන්ඩන් වයස අවුරුදු 16 දී තම පාසල් ජිවිතයට සමූ දෙන අතරම ඔහු තරුණ සංස්කෘතික සඟරාවක් ආරම්භ කිරීමට සමත් විය. මෙය "Students" නමින් ප්‍රකාශයට පත් කරන ලද අතර, 1966 දී ආරම්භ කරන ලදි. එහි පළමු සංස්කරණයේම $ 8,000 ක වෙළදා දැන්වීම පල කෙරුණි. එහි පිටපත් 50,000 ක් නොමිලේ බෙදාහැරිය අතර බ්රැන්සන් පසුව දැන්වීම් ප්‍රචාරණය මගින් වියදම් පියවා ගැනීම සිදු කරන ලදී.
1969 දී බ්රැන්ඩන් බ්‍රිතාන්‍ය සංගීතයෙන් හා මත්ද්‍රව්‍ය ක්‍ෂේත්‍රයෙන් වට වූ London commune හි වාසය කලහ. බ්රැන්ඩන් මෙම කාලය තුළ තම සඟරාවට අරමුදල් සැපයීමට උපකාර කිරීම සඳහා වර්ජින් නම් තැපැල් ඇනවුම් සමාගමක් ආරම්භ කළ අතර ලන්ඩන් ඔක්ස්ෆඩ් ස්ට්රීට් හි නව සාප්පුවක්ද ආරම්භ කරන ලදී. මෙම සමාගමේ සාර්ථකත්වය නිසා ඔහුට ඔහුගෙ ව්‍යාපාර කටයුතු තව තවත් වර්ධනය කර ගැනීමට හැකි විය. තැපැල් සමාගමේ සාර්ථකත්වයත් සමග, 1972 දි එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්ෂයර්හි දී පටිගත කිරීමේ ශබ්දාගාරයක් ආරම්භ කිරීමටද ඔහුට හැකි විය.
Virgin Records
Virgin Records හී ප්‍රථම කලාකරු වූයේ මයික් ඔල්ෆීල්ඩ් ය. 1973 දී බ්රැන්සන්ගේ කණ්ඩායමේ සහාය ඇතිව ඔහුගේ තනි ඇල්බමය වන "Tubular Bells" පටිගත කළේය. මෙම ගීත ඇල්බමය අතිශය ජනප්‍රිය වූ අතර සති 247 ක් පුරා එක්සත් රාජධානියේ ගිත දර්ශක තුළ රැඳී සිටීම හැකි විය. ඔල්ෆීල්ඩ්ගේ ගීත ඇල්බමයෙ සාර්ථකත්වය යොදාගනිමින් බ්රැන්සන් පසුව නව සංගීත කණ්ඩායම් සමඟ ගිවිසුම් අත්සන් කරන ලදී. මෙම සංගිත කණ්ඩායම් අතර Sex Pistols, Culture Club, the Rolling Stones සහ Genesis යන සංගිත කණ්ඩායම් ඇතුළත් වූ අතර මේ නිසාම Virgin Music වලට ලොකයේ හොඳම රේකොඩි ලේබල් 6 අතරට පැමිණිමට හැකි විය.
ව්‍යාපාර ව්‍යාප්තිය
බ්රැන්සන් තම ව්‍යවසායක ප්‍රයත්නයන් නැවතත් පුළුල් කළේය. 1980 දී Voyager ගෲප් සංචාරක සමාගම, 1984 දී වර්ජින් අත්ලාන්තික් ගුවන් සමාගම හා වර්ජින් Megastores සාප්පු සංකීර්ණ මාලාවක් ද ඇතුළත් විය. කෙසේ වෙතත් බ්රැන්සන්ගේ සාර්ථකත්වය සෑම විටම අනුමාන කිරමට නොහැකි වූ අතර 1992 වන විට වර්ජින් සමාගම හදිසියේම මූල්‍යමය වශයෙන් කඩාවැටීමකට මුහුණ දුන්නේය. එම සමාගම පසුව එම වසරේදී ඩොලර් බිලියන 1 කට Thorn EMI වෙත විකුණා දැමුවේය.
කදුලු පිරි දෙනෙතින් යුතුව වර්ජින් සමාගම විකිණීමේ කොන්ත්රාත්තුව අත්සන් කල බ්රැන්සන්ගෙ එකම අධිෂ්ඨානය වූයේ සංගීත ව්‍යාපාරයේ රැඳී සිටීම විය. එ අනුව 1993 දී ඔහු වර්ජින් රේඩියෝව පිහිටෙව්වේය. 1996 දී ඔහු දෙවැනි සංගීත පටිගත කිරිමේ සමාගමක් වන V2 පිහිට වූයේය. එම සමාගමේ කලාකරුවන් ලෙස Powder Finger සහ ටොම් ජෝන්ස් වැනි කලාකරුවන් අත්සන් කළේය.
වර්ජින් සමූහ ව්‍යාපාරය ලොව පුරා රටවල් 35 ක් පුරා පැතිර පවති. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ආසියාව, යුරෝපය, දකුණු අප්‍රිකාව ඇතුලු ප්‍රධාන පෙළේ රාජ්‍යයන් තුළ හා ඉන් ඔබ්බට 70,000 ක වඩා වැඩි සේවකයින් පිරිසක් සේවය කරති. අද වන විට බ්රැන්සන්, දුම්රිය සමාගමක්, සුඛෝපභෝගී ක්‍රීඩා සංරක්ෂණාගාරයක්, ජංගම දුරකථන සමාගමක් සහ අභ්‍යවකාශ සංචාරක සමාගමක් වන වර්ජින් ගැලක්ටික් දක්වා තම ව්‍යාපාර පුළුල් කර ඇත.
බ්රැන්සන් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව ක්‍රිඩාව සම්බන්ධයෙන් ද දක්ෂතාවයක් දක්වයි. 1986 දී වායු බැලූනයක් ආධාරයෙන් අත්ලාන්තික් සාගරය තරණය කොට වාර්තාවක් පිහිටවූ අතර 1991 දි පැසිෆික් සාගරය තරණය කළේය.
1999 දී ඔහුගෙ ව්‍යවසායකත්වයට කෙරෙන උපකාරයක් ලෙස ඔහුට knight පදවිය පිරිනැමුණු අතර 2009 දී ඔහු ෆෝබ්ස් මැගසිනයේ "ලෝක බිලියනයන්" ලැයිස්තුවේ අංක 261 හි හිමිකර ගත්තේය. ඒ වනවිට ඔහුගේ පෞද්ගලික ධනය ඩොලර් බිලියන 2.5 ක් සහ දූපත් දෙකක් ඇතුළත් විය.
Virgin Galactic, Voyages and Hotels
මෑත කාලයේ සිට, බ්රැන්ඩන් විසින් අවකාශය සංචාර පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ. ඔහු Spaceship සමාගමක් සමග හවුල් වි පරිපූර්ණ අභ්‍යවකාශ යානයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කළේය. 2013 අප්‍රේල් මාසයේ දී මෙම ව්‍යාපෘතිය යටතේ අභ්‍යවකාශ යානයක් එළිදක්වන ලදී.
බ්රැන්ඩන් සිය පළමු අභ්‍යවකාශ යානයේ පළමු පරීක්ෂණ දියත් කිරිමේ සාර්ථකත්වය ගැන සතුටු වූ අතර NBC News සේවයට ඔහු පවසා සිටියේ "එය පළමු ගුවන් ගමනේ දීම ශබ්ද බාධක බිඳ දැමූ අතර කිසිදු ගැටලුවකින් තොරව යානය කිරියාත්මක වීම ගැන අතිශය සතුටු වන බවයි". මෙම යානයේ සාර්ථකත්වය නිසා 2013 අප්‍රේල් මාසය වන විට වර්ජින් ගැලැක්සි අභ්‍යවකාශ යානයක ගමන් කිරීම සඳහා 500 කට අධික පිරිසක් ප්‍රවේශපත් වෙන්කර තිබුණා.
බ්රැන්ඩන් 2015 දී නව නාවික සංචාරක යාත්‍රා සමාගමක් වන "Virgin Voyages" දියත් කරන බවට නිවේදනයක් නිකුත් කලේය. මෙම සමාගමේ පලමු සංචාරය 2020 අවුරුද්දේ දියත් කිරීමට සැලසුම් කර ඇත.
මීට අමතරව 2010 වසරේදී වර්ජින් හෝටල් සමූහය ද ආරම්භ කරන ලද අතර 2018 දී වර්ජින් සමාගම ලාස් වේගාස් හි the Hard Rock හෝටෙලය මිලට ගන්නා ලදී. මෙම හෝටලය මිලට ගැනීම තුළින් ලාස් වේගාස් දක්වා වර්ජින් හොටෙල් සමූහයේ ව්‍යාපාර පුලුල් කිරීමට බ්රැන්ඩන්ට හැකි විය.
පෞද්ගලික ජීවිතය
බ්රැන්සන් ඔහුගේ දෙවන භාර්යාව වන Joan Templeman සමඟ විවාහ වී සිටින අතර, ඔහුට දරුවන් දෙදෙනෙකු සිටියි. ඔවුන් හොලි සහ සෑම් වේ. බ්රැන්ඩන් නිතරම බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත් හි පිහිටි නෙකර් දූපතෙහි ඔහුගේ නිවසේ රැඳී සිටීමට වැඩි කැමැත්තක් දක්වයි.
Richard Branson books
Business Stripped Bare
Globalisation
Like a Virgin
Losing My Virginity
Losing My Virginity the Autobiography
Reach For the Skies
Richard Branson
Screw Business As Usual
Screw It Let's Do It, Lessons In Life
Screw It, Lets Do It
The Virgin Way
රිචඩ් බ්රැන්ඩන් යනු ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ව්‍යවසායකයෙක් වන අතර තරුණ ව්‍යවසායකයන්ට ඔහුගෙන් ගත හැකි ආදර්ශ බොහෝය.
Comments
Post a Comment