Richard Branson and Virgin Group

බ්‍රිතාන්‍ය ව්‍යවසායකයකු වන රිචඩ් බ්රැන්සන් වර්ජින් සමූහ ව්‍යාපාරයේ ආරම්භකයා වේ. එංගලන්තයේ සරේහි 1950 ජුලි 18 වන දින උපත ලැබූ රිචඩ් බ්රැන්සන් අවුරුදු 16 දී පාසල් යැම නවතා දමා ඇති අතර එම තිරණය අවසානයේදී Virgin Records නිර්මානය කිරීමට හේතු විය. ඔහුගේ ව්‍යවසායකත්ව ව්‍යාපෘති සංගීත ක්‌ෂේත්‍රයේන් ආරම්භ වූ අතර අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය වන වර්ජින් ගැලක්ටික් ඇතුළු අනෙකුත් අංශ වලට ද ව්‍යාප්ත විය. මෙම ව්‍යාපාර තුළින් අද වන විට ඔහු බිලියනපතියකු වි හමාරය. බ්රැන්සන් යනු ක්‍රීඩාවට ද දක්ෂතාවයක් ඇති අයකු වන අතරම ඔහු ත්‍රාසජනක ක්‍රීඩාවන් සඳහා ද වැඩි ඇල්මක් දක්වයි මේ අතර වායු බැලූනයක් යොදාගෙන අත්ලාන්තික් සාගර හරහා ගමන් කිරීම ඔහුගේ ත්‍රාසජනක ක්‍රීඩාවන්ට ඇති කැමැත්ත මනාව පිළිබිඹු කරයි. තරුණ ව්‍යවසායකයා රිචඩ් චාල්ස් නිකලස් බ්රැන්සන් එංගලන්තයේ සරේහි 1950 ජූලි 18 වන දින උපත ලැබීය. ඔහුගේ පියා, එඩ්වඩ් ජේම්ස් බ්රැන්සන්, නීතිඥයෙකු ලෙස සේවය කලේය. ඔහුගේ මව වන ඊව් බ්රැන්සන් ගුවන් සේවයේ නියුතුව සිටියහ. ඩිස්ලෙක්සියා රෝගයෙන් පීඩා විඳිමින් සිටි රිචඩ්, අධ්යාපන කටයුතු කරීම තරමක් අසීරු විය. ඔහු වයස අවුරුදු 13 වන...